පළාත් ආදායම් දෙපාර්තමේන්තුව මධ්‍යම පළාත • මධ්‍යම පළාත් සභාව · ශ්‍රී ලංකාව

මුද්දර ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම

මුද්දර ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම | පළාත් ආදායම් දෙපාර්තමේන්තුව – මධ්‍යම පළාත

ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් ආර්ථික සැලැස්ම (2025–2030) ක්‍රියාත්මක කිරීමේ සහ රාජ්‍ය සේවාවන් පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීමේ අරමුණින්, මධ්‍යම පළාතේ ආදායම් දෙපාර්තමේන්තුව විසින් මුද්දර ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, 1990 අංක 17 දරන මුදල් ප්‍රඥප්තියේ විධිවිධාන ප්‍රකාරව මධ්‍යම පළාත තුළ නිශ්චල දේපළ හුවමාරුවලදී අය කරනු ලබන මුද්දර ගාස්තු ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, පහසු සහ විධිමත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස, 2026 නොවැම්බර් 02 දින සිට කුණ්ඩසාලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරනු ලබන සියලුම සාධනපත්‍ර සඳහා නව ඩිජිටල් ක්‍රියාවලිය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ. ඉන් අනතුරුව, 2027 ජනවාරි 01 දින සිට මධ්‍යම පළාතේ සියලුම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල වෙත මෙම ක්‍රියාවලිය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

නොතාරිස්වරුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය

මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන පාර්ශ්වයක් වන නොතාරිස්වරුන්, මධ්‍යම පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස එහි Online Stamp Duty Portal වෙත ඇතුළත් විය යුතුය. අනතුරුව, Notary අයිතමය තෝරාගෙන අදාළ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කළ යුතුය.

සාධනපත්‍ර ලියාපදිංචි කිරීමේදී අදාළ මුද්දර ගාස්තු ගෙවීම සඳහා අවශ්‍ය ගෙවීම් අංකය (Payment Reference Number) ලබාගැනීම මෙම නව ක්‍රියාවලිය යටතේ අනිවාර්ය වේ.

← පුවත් වෙත ආපසු

මුද්දර ගාස්තු මාර්ගගතව ගෙවන්න සහ කළමනාකරණය කරන්න

නොතාරිස්වරුන්ට, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවලට සහ සේවාලාභීන්ට නිල මාර්ගගත ද්වාරය හරහා ඔප්පු ඉදිරිපත් කිරීමට සහ මුද්දර ගාස්තු පිළිබඳ තොරතුරු බැලීමට හැකිය.

මාර්ගගත මුද්දර ගාස්තු ද්වාරය
මාර්ගගත මුද්දර ගාස්තු ද්වාරය